කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
O.M.V.P මුදලිගේ මිය
(ශ්‍රි.ලං.අ.ප.සේවය i)
034 222 2447
077 715 9745
priyanimudalige@gmail.com

දැක්ම

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අධ්‍යාපනික සේවා සපයන්නා බවට පත්වීම

මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සපයමින් ,සම්පත් සමායෝජනය කරමින් පාසල් පද්ධතිය තුල සලසුම් සහගත කාර්යක්ෂම සහ තිරසාර අධ්‍යාපනයක් තුලින් කළුතර කලාපයේ සිසු දරුවන් විනය ගරුක ගුණ ගරුක උගත් නිපුනතා පූර්ණ පුද්ගලයන් ලෙස සමාජයට දායාද කිරීම.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ පණිවිඩය..

නූතන සමාජය හා තොරතුරු තාක්ෂණය අතර අවියෝජනීය සබැඳියාවක් ඇත. තොරතුරු තාක්ෂණයේ උපයෝගිතාවය බහුවිධ ප්‍රවේශයකින් මැන බැලිය හැකි මානව නිර්මිතයකි. පරිගණක තාක්ෂණයේ නව්‍ය භාවිතය සන්නිවේදන ක්ෂේත්‍රය පුළුල් කරළීමට යටිතල පහසුකම් සපයා ඇත. එමඟින් මානව සබැඳියාවන් ඉතා සමීප කර ඇත. තරඟකාරී ජීවන රටාවක පුද්ගල ක්‍රියාකාරකම් නිසි කාල රාමුවක් තුළ පූර්ණ වශයෙන් ඉටු කරවා ගැනීම අභියෝගයක් බවට පත්ව ඇත. එබැවින්, දෛනික අවශ්‍යතාවයන් මෙන්ම ආයතන සේවාවන් දුරස්ථ ප්‍රවේශකයින් ඉටු කරවා ගැනීමට පුද්ගල හා සමාජයීය අවශ්‍යතාවයක් පවති. කළුතර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය, අප කාර්යාලය මඟින් ලබා දෙන සේවාවන් සැපයීමේ ක්‍රියාවලිය තවදුරටත් කාර්යක්ෂම කිරීම අරමුණ කර ගත් තාක්ෂණික ප්‍රවේශයකි. ආයතන තොරතුරු හා දත්ත කළමනාකරණයට මෙන්ම පරිපාලන කටයුතු සඳහා සන්නිවේදන උපාය මාර්ගයක් ලෙස ද මෙම වෙබ් අඩවිය භාවිත කළ හැකි වේ. මෙම ප්‍රවේශය අප කාර්යාලයේ මෙහෙවර, කාර්යක්ෂම හා සඵලතාවයකින් යුතුව සේවාලාභීන් වෙත ලබා දීමට ප්‍රශස්තව පහසුකම් සපයනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

නිවේදන

  • 1) පාසල්වල මොඩියුල සඳහා මෙතෙක් ලියාපදිංචි නොවූ, 2-11 හා 3-1 ගුරු භවතුන් හට පහත පණිවිඩය ලබා දීමට කාරුණික වන්න. 2-11 ගුරු භවතුන්, 2020.09.16 හෝ 21 හෝ 23 යන දිනයන් වලින් එකක දී ද, 3- 1 ගුරු භවතුන් 2020.09.25 හෝ 28 හෝ 30 යන දිනයන් වලින් එකක දී ගුරු මධ්‍යස්ථානයට පැමිණ ලියාපදිංචි වන්න .
  • 2) ගුරු සේවයේ , 2020 වර්ෂය තුළ තම කාර්‍යක්ෂමතා කඩඉම සම්පූර්ණ නොකිරීම නිසා වැටුප් ව්ලම්භනය වන 2-1 ගුරු භවතුන් 2020 සැප්තැම්බර් 9,10 සහ 14 යන දිනවල ප.ව. 2 - 4 කාලය තුළ ගූරු මධ්‍යස්ථානයට පැමිණ කඩිනම් මොඩියුල වැඩසටහන සදහා ලියාපදිංචි වන්න.
  • 3) බස්නාහිර පළාත් සභාව - ගුරු ස්ථාන මාරු අයදුම් පත්‍රය 2021

පින්තුර එකතුව